Android දුරකතනයෙන් පරිගණකය පාලනය කරමු.

හුග කාලෙකට පස්සේ තමයි ආයේ site එකට post එකක් ලියන්න වෙලාවක් හම්බවුනේ. අවුරුද්දකට විතර පස්සේ තමයි මම මේ site එකට post එකක් ලියන්නේ. කාලෙකින් ලියන එකේ ලියන්න හොඳ post එකක් හම්බුනා. Title එක කියෙව්වාම කට්ටියට තේරෙනවා ඇතිනේ අද මොකක්ද කියල දෙන්න යන්නේ කියල. කට්ටිය හුගක් ආසා ඇති මේ දේ කොහොමද කරන්නේ කියල දැනගන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.

මුලින්ම කියන්නේ ඕනේ මේ දේ කරන්න පුළුවන් ක්‍රම දෙකක් මම මේකෙදි කියල දෙනවා. ඒ කියන්නේ software දෙකක් යොදාගෙන මේ දේ කරණ විදිය කියල දෙනවා. මේ දෙවිදියෙන් ඔයාලට හොඳ ක්‍රමය තීරණය කරණ එක ඔයාලගේ වැඩක්. මම ඒ දේ ඔයාලට බාර දෙනවා. නමුත් මම personally recommend කරන්නේ දෙවෙනි ක්‍රමය තමයි. මේකට ඕන වෙන දේවල් ටික ඉස්සෙල්ලම කියාගෙන යන්නම්.

  1. android 4.0 + phone එකක්.
  2. PC එකක්
  3. wifi router එකක්

1. Using Google Remote Desktop 

මුලින්ම කියන්නේ ඕනේ මේක google chrome හරහා සිදු වෙන එකක් උනාට මේකෙන් මුළු computer එකම control කරන්න පුළුවන්. google chrome එක විතරක් නෙවෙයි.

ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මෙන්න මේ app එක google chrome එකට දාගන්න එක.

Google Remote desktop

ඊට පස්සේ මේ app එක ඔයාගේ android phone එකට දාගන්න.

Google Remote desktop for android

දැන් chrome එකේ apps වලට ගිහින් google remote desktop open කරගන්න. දැන් යට තියෙන My Computers ගාව තියෙන Get Started කියන button එක click කරන්න.

පළවෙනිම සැරේ මේ app එකට ඔයාල permission දෙන්න වෙනවා. ඊට පස්සේ “enable remote connection” කියන එක click කරන්න වෙනවා.

එහෙම click කරාට පස්සේ ඔටය pin එකක් දෙන්න වෙයි.  characters 6 ක් වෙන්න pin එකක් දෙන්න. ඊට පස්සේ ආයේ permission දෙන්න window එකක් popup වෙලා එයි. එකත් OK කරන්න. ඔන්න දැන් PC එකෙන් කරන්න තියෙන වැඩ ටික ඉවරයි. දැන් යන්න තියෙන්නේ ඔයාලගේ phone එකට.

දැන් ඔයාගේ phone එකට දාගත්ත app එකට යන්න. දැන් එකේ MY Computers යටතේ ඔයාගේ computer එක පෙන්නයි.

ඔයාගේ computer එකේ name එක උඩ click කරන්න දැන්. ඊට පස්සේ ඔය computer එකේ දුන්න pin එක මෙතන type කරලා connect click කරන්න.

ඊට පස්සේ මේ වගේ notification එකක් පෙන්නයි ඔයාගේ machine එකයි phone එකයි connect වෙලා තියෙන්නේ කියල…

තව දෙයක් කියන්න බැරිඋනා. මේ දේ සාර්ථක වෙන්නනම් google chrome එකේ සහ ඔයාගේ phone එකේ log වෙලා තියෙන google account එක එකක් වෙන්න ඕනේ. වෙනස් උනොත් වැඩේ කරගන්න බැරි වෙනවා.

අනික තමයි මේ දේට router එකක් තියෙන්නම ඕනේ නැහැ.  මේ කලේ හැමෝම ගාව router තියෙන නිසා තමයි මම කිව්වේ router එකක් ඕනේ කියල. Internet connection එකක් තිබ්බනම් ඇති. මෙතැනදී ලින්ක් එක විදියට වැඩකරන්නේ ඔයාගේ google account එකයි.

ඔන්න එහෙනම් පලවෙනි ක්‍රමය කියල දීල ඉවරයි. දැන් එහෙනම් දෙවෙනි ක්‍රමයට බහිමු.

2. Using Teamviewer 

දෙවෙනි ක්‍රමයට අපි පාවිච්චි කරන්නේ teamviewer කියන සොෆ්ට්වරේ එක තමයි. මේකටත් ඉස්සෙල්ල කිව්වා වගේ phone එකයි PC එකයි එකම network එකේ තියෙන්න ඕනේ. ඔන්න එහෙනම් වැඩේට බහිමු.

මුලින්ම phone එකට teamviewer android app එක දාගන්න මෙතනින්.

ඊට පස්සේ teamviewer software එක PC එකට දාගන්න මෙතනින්.

දැන් ඔයාගේ phone එකෙන් දාගත්ත app එක open කරගන්න.

PC එකට දාගත්ත app එකත් open කරගන්න.

දැන් window දෙක මේ වගේ ඇති.

දැන් කරන්න තියෙන්නේ ප්ක එකෙ Your ID කියන එක යටතේ තියෙන අංකය phone එකේ Teamviewer ID කියන තැනට type කරන්න තියෙන්නේ.

එක type කරලා enter කලාම password එකක් ඉල්ලයි. එතනට PC එකේ password කියන තැන තියන password එක type කරල enter කරන්න.

දැන් ඔක්කොම හරි. ටික වෙලාවකින් settings ටික config වෙලා මෙන්න මෙහෙම screen එකක් එයි.

එකේ තියෙන්නේ Teamviewer එක phone එකේ පාවිච්චි කරණ ආකාරය.

හරි එහෙනම් ඔන්න අද post එක මෙන්න මෙහෙම ඉවර වෙනවා. කට්ටියට මොනවහරි අවුලක් තිබ්බොත් අහන්න මතක කරන්න එපා. එහෙනම් අපි ගියා..

About The Author

Related posts

Leave a Reply