Sub Domain එකක් වෙනත් Host එකක Host කරන ආකාරය

Sub Domain එකක් වෙනත් Host එකක Host කරන ආකාරය

          හරි! ඔන්න කාලෙකට පස්සේ සිංහල බ්ලොග් එකට පොස්ට් එකක් ලියන්න හිතුනා.. කාලෙකින් ලියන එකේ කට්ටියටම වැදගත් වෙන පොස්ට් එකක් ලියන්න කියල හිතුව… මම අද මේ ලියන්න යන දේ ගැන එක සිංහල site එකකවත් මම දැක්කේ නැහැ… (සමහරවිට ඇති. එත් මම දැක්කේ නැහැ!!) හරි… අද මම කියල දෙන්න යන්නේ මෙන්න මේකයි… හුගක් අය ඉන්නවනේ දැන් හොස්ට් කරලා site එකක් එහෙම කරගෙන යන, site එකක් හොස්ට් කරගන්න එක මහලොකු ගේමක් නැහැනේ!!! ඉතින් එක නෙවෙයි මම අද කියල දෙන්න යන්නේ… එහෙනම් වැඩේට බහිමු. අද කියල දෙන්න යන්නේ Sub Domain එකක් වෙනත් Host එකක Host කරන ආකාරය තමයි..

අද මම කියල දෙන්න යන්නේ ඔයාගේ main domain එක (example.com) එක තැනක හොස්ට් කරලා තියෙද්දී, ඒ domain එකෙන්ම sub domain එකක් වෙනමම හොස්ට් එකක හොස්ට් කරන හැටි තමා. මේ වගේ දෙයක් වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ ඔයාල site එකක් කරගෙන යද්දී එකට forum කෑල්ලක් එහෙම setup කරගන්න ඕන උනහම එකම ශරෙඩ් හොස්ට් එකේ forum කෑල්ල run කරන්න බැහැනේ. මොකද forum කෑල්ලක් කියන්නේ ගොඩාක් resources කන software එකක්. තව වෙලාවක් තමයි ඔයාගේ site එකට වෙනම බ්ලොග් එකක් එහෙම අටවගන්න ඕනේ උණු වෙලාවක කාට කියන්නද නේද!!! හරි එහෙනම් introduction එක ඇති කියල හිතනවා මම. Sub Domain එකක් වෙනත් Host එකක Host කරන ආකාරය

          මුලින්ම කරන්න තියෙන්නේ ඔයගේ domain registrar ව හොයාගෙන යන එකයි… එයා ගාවට දුවගෙන ගිහින් එයා ගාවින් ඔයාගේ domain එක select කරගෙන “DNS and MX Records” කියල තියෙන එකක් හොයා ගන්න.. සමහරවිට ඔයාගේ domain registrar ගාව මේ settings හදන්න තැනක් නැතිවෙන්න පුළුවන්. මම මේ දල තියෙන්නේ Cpanel එකේ එක තියෙන විදිය… එතකොට කරන්න තියෙන්නේ ඔයාගේ Cpanel එකට ලොග් වෙලා “DNS Zone editor” එකට ගිහිල්ල වැඩේ කරගන්න එකයි… Sub Domain එකක් වෙනත් Host එකක Host කරන ආකාරය

Sub Domain එකක් වෙනත් Host එකක Host කරන ආකාරය

  “Name” කියන තැන දන්නා ඕනේ ඔයාගේ subdomain එකේ address එක.

        “Address” කියන තැනට දන්නා ඕනේ ඔයාගේ අලුත් server එකේ IP address එක. දැන් “Add an   A Record” කියන තැන click කරන්න.Sub Domain එකක් වෙනත් Host එකක Host කරන ආකාරය

දැන් ඔයා යන්න ඕනේ ඔයාගේ අලුත් හොස්ටින්ග් account එකට. එකට add කරන්න ඕනේ අලුත් addon domain එකක්. එක කරන්න ඔයා යන්න ඕනේ Cpanel>> Domains>>Addon Domains වලට. එතනට ගිහින් ඔයා මෙන්න මේ විදියට details ටික දෙන්න ඕනේ.

New Domain Name: ඔයාගේ subdomain එක (forum.trickslk.com)

Subdomain/FTP Username : මේක automatically හැදෙනවා…

Document Root : මේකත් automatically හැදෙනවා…

Password/Password Again : හොද password එකක් දාන්න.

දැන් add domain කියන button එක click කරන්න. දැන් ඔක්කොම වැඩ අහවරයි…

දැන් ඔයාට තියෙන්නේ ලස්සනට ඔයාගේ site එක හදාගෙන යන්න… අමතක කරන්න එපා. මොකඛර් අවුලක් ආවොත් comment එකක් දාල අහන්න.. එහෙනම් Good Bye!!!

About The Author

Related posts

1 Comment

Leave a Reply