Resource Limit Reached error එක හදාගන්නේ කොහොමද???

508-Resource-Limit-Is-Reached-browser-error

ඔන්න අද කියල දෙන්න යන්නේ websites, blogs කරන යට ඉතාමත් වැදගත් වෙන දෙයක්. මේක ඉතින් හුගක් වැදගත් වෙන්නේ තමන්ගේම host එකක (තමන් සල්ලි දීල ගත්තු එකක) තමන්ගේ site එක කරගෙන යන යට තමයි. මොකද wordpress.com, blogger වල site කරන අයට මේ error එක වෙන්නේ නැහැ. හරි එහෙනම් පටන් ගමු මේ error එක මොකක්ද, එකෙන් මොකද වෙන්නේ, මේකට හේතුව මොකක්ද, මේක හදාගන්නේ කොහොමද කියන වගේ දේවල් ටිකක් හොයල බලන්න.

මොකක්ද මේ error එක??

මුලින්ම කියල දෙන්නම් මේ error එක මොකක්ද කියල. මේ error එක එන්නේ අපිට hosting එකෙන් දීල තියෙන පහසුකම් ඉක්මවා අපේ site එක use කලාම. මේ error එක හුගක් එන්නේ shared hosting පාවිච්චි කරන යට. ඒ කියන්නේ අපිට hosting එකෙන් දීල තියෙනවනේ යම්කිසි limit වගයක්. ඔය bandwidth, CPU usage වගේ දේවල්. යම්කිසි වෙලාවක මෙන්න මේවගෙන් එකක් හෝ කිහිපයක ඒ limit එක පැන්නහම තමයි මේ error එක එන්නේ. ඒ කියන්නේ, හිතන්න ඔයාට ඔයාගේ hosting එකෙන් දීල තියෙනවා 50GB bandwidth එකක් මාසයකට හරියන්න. මෙන්න මේ limit එක යම්කිසි විදියකින් පැන්නොත් එහෙම මම මේ කියන error එක එනවා.

සමහර විට මේ limit පනින්න හේතු වෙන්න පුළුවන් ඔයාගේ site එකේ තියෙන virus එකක්. virus එකෙන් ඔයාගේ hosting එකේ CPU usage එක හුගාක් හූරාගෙන කන නිසා ඔයාගේ hosting එකේ තියෙන CPU limit එක පැනල මේ error එක එන්න පුළුවන්. අනික තමයි. ඔයාගේ site එකට spam visits ඇවිත් ඔයාගේ bandwidth එක නිකන්ම ඉවර වෙලා යන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාගේ site එකට එන real visitors ලා වැඩිනම් ඔයාට hosting එකෙන් දීල තියෙන bandwidth එක මදිවෙන්න පුළුවන්. එකට කරන්න තියෙන්නේ නම් දැනට පාවිච්චි කරනවට වඩා විශාල hosting plan එකකට යන එක තමයි.

මේ වගේ error වලින් ඇතිවන අවාසි මොනවාද?

මේ වගේ error එකකින් වෙන්නේ ඔයාගේ visitors ලට ඔයාගේ site එක view කරගන්න බැරි වෙන එක. ඒ කියන්නේ එයාලට ඔයාලගේ site එකට ආවාට මුකුත් බලාගන්න බැරිවෙනවා. එයාලට බල බල ඉන්න වෙන්නේ ඔය display වෙන error එක තමයි. එකෙන් ඔයාගේ site එකේ reputation එක අඩු වෙනවා.. e කියන්නේ ඔයාගේ site එකේ ප්‍රසිද්දිය අඩු වෙලා යන එක. දිගින් දිගටම මේ විදියට උනාම ඔයාගේ site එකට එන කට්ටිය අඩු වෙනවා. එක කොච්චර පාඩුවක්ද නේද???

මේ error එකෙන් මිදෙන්නේ කොහොමද???

1. Malicious & Malware scripts

මේ error එක එන්න පුළුවන් එක හේතුවක් තමයි මෙන්න මේවගේ virus scripts නිසා. කරන්න තියෙන්නේ මේ වගේ scripts ඔයාගේ site එකේ තියෙනවානම් ඉස්සෙල්ලාම ඒවා අයින් කරලා ඉන්න. ඔයාට ඒවා අයින් කරගන්න බැරිනම් ඔයාගේ hosting provider ගෙන් උදව්වක් ඉල්ලා ගන්න.

2. Page ස්පීඩ් එක හදා ගන්න.

පගේ ස්පීඩ් එක කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් මේ දේ හදාගැනීම තුලිනුත් මේ error එක හදාගන්න පුළුවන් වෙනවා. ඔක්කොටම ඉස්සෙල්ලා ඔයාගේ site එකේ speed test එකක් මෙතනින් ගිහින් කරගන්න. ඕක google එකේ service එකක්. එයාලම කියල දෙනවා ඔයාගේ site එකේ ස්පීඩ් එක improve කරගන්න අරගතයුතු ක්‍රියාමාර්ග මොනවාද කියල. ඉතින් එයාල දෙන උපදෙස් පිළිපදින්න.

3. CMS version එක සහ Theme Version එක යාවත්කාලීනව තියා ගන්න.

තවත් ඉතා වැදගත් දෙයක් තමයි ඔයා WordPress, Joomla වගේ CMS එකක් use කරනවානම් එක නිරතුරුව යාවත්කාලීනව තියාගන්න. මීට අමතව ඔයා use කරන themes එහෙමත් යාවත්කාලීනව තියා ගන්න.

4. වැඩක් නැති Plugins අයින් කරලා දාන්න.

ඔයාල wordpress වගේ use කරනවානම්, ඔයාල භාවිතා කරන්නේ නැති disable කරලා තියෙන plugins එහෙම delete කරලා දාන්න.

ඔන්න එහෙම මම ඔක්කොම දේවල් කියල දුන්න. හිතනවා මේක ඔයාලට ඉතාමත් වැදගත් වෙන්න ඇති කියල. එහෙනම් තවත් මේ වගේ වැදගත් post එකකින්  හම්බවෙමු…

About The Author

Related posts

Leave a Reply