ඔයාගේ wordpress blog එක speed කරගන්න.

decrease-page-load-time-on-wordpress

කාලෙකට පස්සේ ඔන්න තවත් අලුත් post එකක් අරගෙන ආවා… අදත් මම අවේ wordpress භාවිතා කරන අයට වටිනා වැදගත් දෙයක් අරගෙන තමා. වැඩිපුර කියවන්නේ නැතුව එහෙනම් අපේ වැඩේට බහිමුකො… ඒ කියන්නේ අපි අද කතාකරන්න යන්නේ කොහොමද wordpress බ්ලොග් එකක් site එකකක page loading ස්පීඩ් එක වැඩි කරගන්නේ කියන එක ගැනයි… මම මෙ මාතෘකාව ගැන කරුණෙන් කරුණ වෙන වෙනම කියල දෙන්නම්. මුලින්ම කියන්න ඕනේ අපිට මේ වැඩේ simple wp plugin එකක් use කරලත් කරගන්න පුළුවන්. හරි එහෙමන් අපි දැන් පටන් ගමු…මුලින්ම කියලා දෙන්නම් plugin එකක් use කරලා website එක ස්පීඩ් කරනගන්න විදිය. මේක කරගන්න පුළුවන් හොද plugins දෙක තුනක්ම තියෙනවා… ඒවා ඔක්කොම ගැන මම විස්තර කරන්නම්…

1. W3 Total Cache

W3_Total_Cache

මේ plugin එක නම් හුගක් අය දන්නවා ඇති. මොකද මේක තමයි හුගක් අය use කරන plugin එක. ඉතින් දැන් මම මේ plugin එක ගැන තව වැඩි විස්තරයක් දෙන්නම්… හරි මම දැන් කියල දෙන්නම් මේකත් එක්ක වැඩ කරන හැටි… මුලින්ම ඔය plugin එක install කරගෙන ඉන්න. ඊට පස්සේ වම පැත්තෙන් ටැබ් එකක් එය performance කියලා. එකට යන්න. පස්සේ general settings වලට යන්න. එකේ page cache යටතේ තියෙන page cache කියන option එක enable කරගන්න. ඊට යටින් තියෙන එක තීරණය වෙන්නේ ඔයා use කරන hosting එක අනුවයි. ඔයා ඉන්නේ shared host එකක්නම්, Disk: enhanced select කරන්න. ඔය ඉන්නේ dedicated හරි VPS එකකහරි නම් එකට ගැලපෙන විදියට setting එක තෝරන්න…

මේ plugin එකත් එක්ක වැඩ කරන හැටි ගැන ඔක්කොම දේවල් මම මෙතන කතා කරන්න යන්නේ නෑ. මොකද ඒ වෙලාව use කරලා මට තව plugin එකක් ගැන ඔයාලට කියන්න පුළුවන්නේ… බයවෙන්න එපා. එතකොට ඔයාල හිතයි මම මේ plugin එක ගැන දැම්මට එක ගැන කියල දෙන්නේ නැද්ද කියලා… නෑ නෑ කියල දෙනවා. හැබැයි ඒ මගේ ලිපියකින් නෙවෙයි… මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල බලන්න…

2. WP Super Cache

මේකත් උඩ මම දාපු එක වගේමයි. ඒ වගේම cache plugin එකක්… හැබැයි මම ඉස්සෙල්ලා කිව්වා වගේම W3 Total cache එක තමයි use කරන්නේ. මෙතනින් ගිහින් මේ plugin එක download කරගන්න.

ඔයාලගේ site එකට දාන images වල size එක ලොකු වැඩි උනොත්, එත් වෙන්නේ ඔයාගේ site එක slow වෙන එක තමයි. එකටත් විසදුමක් තමයි මේ දැන් කියන්න යන්නේ. ඔයාලට පුළුවන් plugin එකක් use කරලා ඔයාල upload කරන images වල quality එක web එකට ගැලපෙන පරිදි වෙනස් කරගන්න පුළුවන්. එකට හරියන plugin එකක් මම මෙතනදී කියන්නම්.

1. WP Smush.it

Smush_it

මේ plugin එකෙන් පුළුවන් ඔයාට images වල quality එක web එකට ගැලපෙන පරිදි වෙනස් කරගන්න. මෙතැනදී වෙන්නේ, මේ plugin එකෙන් image එකේ තියෙන all metadata from JPEGs සහ unused colors ඉවත් කරන එකයි… මේ plugin එක මෙතනින් download කරගන්න.

Database Plugin: WP-Optimize

WP-Optimize

මේකෙන් කරන්නේ ඔයාගේ wp site එකේ database එක optimize කරලා site එක ස්පීඩ් කරන එකයි..  වැඩි විස්තර හා download කරගැනීමට මෙතනින් යන්න.

About The Author

Related posts

Leave a Reply